උඩවලව නගර මධ්‍යයේදී බිරිඳට පහර දීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු උඩවලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කොස්තාපල්වරයා පහලගම පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
බිරිඳට පහර දීම වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ට ද පොලිස් කොස්තාපල්වරයා පරුෂ වචනයෙන් කෑ ගසා කලහකාරී ලෙස හැසිරී ඇති බවට පොලීසිය පවසති.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිටි බවට තහවුරු වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.














































