වැලිගම පොලිස් වසමේ නිවාඩු නිකේතනයක හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර එම නිවාඩු නිකේතනයට ගිනි තැබූ ඊජිප්තු ජාතිකයකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් ඊජිප්තු ජාතිකයා වලංගු වීසා බලපත්‍ර නොමැතිව වසර දෙකකට අධික කාලයක් මෙරට රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය ප්‍රකාශ කරනේ ඊජිප්තු ජාතිකයාගේ තියුණු ආයුධ පහරට ලක්වූ නිවාඩු නිකේතන හිමිකරු වැලිගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් , නිවාඩු නිකේතනයට ගිනි තැබීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටි ඇමරිකානු ජාතික යුවලකගේ සහ රුසියානු ජාතිකයෙකුගේ දේපල වලට හානි සිදුව ඇති බවත් ය.
මෙම ගිනි තැබීමෙන් ඊජිප්තු ජාතිකයාද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් .
 
	    	



























 
		    

















