අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිමට හා අස්වඅසුම ප්‍රථිලාභ තම ගිණුම්වලට ලැබී ඇද්ද යන්න පිළිබඳව සොයා බැලිමට විශාල පිරිසක් පැමිණීමත් සමඟ අද (04) දින හැටන් මහජන බැංකු ශාඛාව අසල විශාල පිරිසක් පොලිමේ රැඳී සිටින අයුරු දක්නට ලැබීය.
දින දෙකක නිවාඩුවෙන් පසුව අද (04) දින බැංකු විවෘත කිරිමත් සමඟ මෙම ප්‍රදේශයට බලපාන අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා විශාල පිරිසක් තම ගිණුම්වලින් අදාළ ප්‍රථිලාභ මුදල් ලබා ගැනිමට පැමිණීමත් සමඟ මෙම තත්ත්වයන් උදා වී තිබේ.
අස්වැසුම ප්‍රථිලාභ මුදල් ලබා ගැනිමට මෙන්ම තම අස්වැසුම ගිණුම්වලට අදාළ ප්‍රථිලාභ මුදල් ලැබි ඇද්ද යන්න සොයා බැලිම සඳහා විශාල පිරිසක් පැමිණීමත් සමඟ මෙම තත්වයන් උදාවි ඇති බවත් , මෙසේ පැමිණෙන පිරිස්වල අස්වැසුම ප්‍රථිලාභ මුදල් අදාළ ගිණුම්වලට ලැබි ඇති පුද්ගලයන්ට එම ප්‍රථිලාබ මුදල් නිසි ලෙස ලබා දීමට පියවර ගන්නා බවත් , ප්‍රථිලාබ මුදල් ගිණුම්වලට නොලැබී ඇති පුද්ගලයන්ට එම තත්වයන් පහදා දීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී..