වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වරායේ සිරව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට සිය එකඟතාවය පළකර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්, වරාය තුළ සහල්,පරිප්පු ,සීනි,අර්තාපල් සහ ලොකු ළූණු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඇසුරුම් කර ඇති කන්ටේනර්පෛට්ටි රාශියක් සිරව ඇති බවත් කඩිනමින් ඒවා සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ මුදවා ගැනීමට හැකි බවත් වෙළඳ අමාත්‍යවරයාට සඳහන් කර ඇත.
ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මෙසේ ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබා දීමට එකඟව ඇති අතර ඊට අවශ්‍ය මුදල් නිකුත් කිරීමට මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.
මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලර් මිලියන 25ක් ඒ සඳහා නිකුත් කිරීමට මේ අනුව එකඟ වී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ මුදල් අද (1710 දිනයේ සිට නිකුත් කෙරෙන බව ද ඔවුන් ප්‍රකාශ කරයි.














































