අවුරුදු 4 ක් වයසැති තම දියණියට පහර දී බරපතළ තුවාල සිදු කළ මවක් සහ මවගේ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පහර දීමෙන් දැරියගේ මුහුණට , කොන්දට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති අතර දැරියගේ ඇස් පෙදෙසට ද හානි සිදුව ඇති බව සඳහන්.
දින ගණනාවක සිට මෙම දැරිය නිවසේදී මෙලෙස පහර කෑම්වලට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කුරුණෑගල , අලකොළදෙණිය , මොඩර්වත්තේ පදිංචිකරුවන් ය.