මත්තල ගුවන් තොටුපොළින් රුපියල් බිලියනයක මුදලක් පාඩුවී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
මෙය ඉදිකරනු ලැබුවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා කටුනායකට ගොඩ බෑමට නොහැකි වන විට හදිසි ගොඩ බෑම් ලෙස මත්තල භාවිතා කර ඇති බවට ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපොළ සඳහා වෙළෙඳ සැලසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් අසනු ලැබූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.