නින්ජා වෙසින් නිවසක් කොල්ල කෑමට පැමිණ අඹු සැමි යුවලකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා භිය ගන්වා පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයකු නිවැසින්ගෙන් පහර කා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
කොල්ලකරු පළා යාමට තැත් කිරීමේදී ඔහු අත තිබූ තියුණු ආයුධයෙන්ම නිවෙසියන් ඔහුට පහරදී තිබෙන අතර පහරකෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු ශල්‍යකර්මයක් සඳහා යොමු කර තිබේ.
මෙම සිදුවීම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක නිලධාරියකුට අයත් හෝමාගම පිටිපන ගුණවර්ධන මාවතේ නිවෙසක අළුයම සිදුව තිබූ අතර නින්ජා වෙස්ගත් සැකකරු මන්නයක් අතැතිව මෙම නිවස කොල්ලකෑමට පැමිණ තිබේ . එම අවස්ථාවේදී ඒ බව දුටු නිවෙස් හිමියා ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහුට මන්නයකින් කෙටීමට සැකකරු උත්සාහ කර තිබේ.
පසුව ඔහු සමඟ පොරබදන අවස්ථාවේදී එම ස්ථානයට නිවෙස් හිමියාගේ බිරිඳ හා අවුරුදු දෙකක් වයසැති දියණිය පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනාටද කොල්ලකරු මරණීය තර්ජනය කොට පහරදී තිබේ.
පසුව බිරිඳ කොල්ලකරු අල්ලාගෙන ඔහු සමඟ පොරබදන අවස්ථාවේදී නිවෙස් හිමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ල කරු අත තිබූ මන්නය උදුරාගෙන ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකට පහර දී බිරිද බේරාගෙන ඇති බව සඳහන්.