අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කරන ශිෂ්‍යයන් උසස් පෙළ ආරම්භ වන තෙක් හෝ අ.පො.ස. උසස් පෙළ අවසන් කරන ශිෂ්‍යයන් වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තෙක් පාසල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ මූලික ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි විෂය මාලාවක් සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත් වන තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් ද ඊට සමගාමීව මෘදු කුසලතා වර්ධනය කිරීම ද එකී වැඩසටහන මගින් අපේක්ෂා කරයි.
ප්‍රථමයෙන් යෝජිත වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගත් පාසල් 320ක මාස 3-4ක කාලසීමාවක් ක්‍රියාත්මක කිරිමටත්, ඉන් අනතුරුව නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා යොමු කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සදහන්.