මස්කෙළිය වතුයායේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු 04 වන දින රාත්‍රියේදි මස්කෙළිය පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ
මෙම පිරිස මස්කෙළිය වතුයායේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටින බවට ලද තොරතුරක් මත 04වන දින රාත්‍රී 10.00ට පමණ කරන ලද වැටලීමකදි මෙම පිරිස අත් අඩංගුවට ගත් බවට මස්කෙළිය පොලීසියේ නිලධාරියකු පවසා තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් හතර දෙනා එම වතුයායේම පදිංචිකරුවන් බවත් එම පිරිස පොලිස් ඇප මත මුදාහැර මේ මස 13වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කල බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.