තෙල්දෙනිය පොලීසිය මගින් වික්ටෝරියා ජලාශයේ මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් පෙරන ලද ස්ථානයක් වටලා එහි තිබු උපකරන හා පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජලාශයේ දූපතක මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් පෙරීම සිදුකරමින් සිටියදී පොලීසිය එම ස්ථානය වටලා තිබේ.
එහි තිබූ පෙරන ලද නීති විරෝධි මත්පැන් කෑන් හයක් සහ ගෝඩා බැරල් 11ක් සමග අනෙකුත් පෙරීම සදහා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැම්ණෙන බව දැනගත් එහි සිටි පිරිස පැනගොස් ගිය අතර එහි තිබූ උපකරණ ජලාශයේ ගිල්වා සගවා ඇති බව සදහන්.
පොලීසිය සගවන ලද සියලු මත්පැන් හා අනෙකුත් පෙරන උපකරණ කිමිදි තිබියදී සොයාගෙන ඒවා අත් අඩංගුවට ගෙන තිබේ.
මත්පැන් පෙරිම සිදු කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය ප්‍රදේශයේ සැගව සිටියදිය.
තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනිමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ තෙල්දෙනිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.