English
සිංහල
05:07 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මනුෂගේ යෝජනාව විශ්වාස කරන්න බෑ. DIG දේශබන්දුගේ සහ නිලන්තගේ වැඩ තහනම් කරන්න – කාදිනල්ගෙන් හයේ පාරක්

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කොට ගෙන බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.

    අද (06) නිකුත්කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධව සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ (සැප්තැම්බර් 05) දින බ්‍රිතාන්‍යය වේලාවෙන් රාත්‍රී 11.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.35 ට පමණ) විකාශය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්.

    මේ ‘මහා කුමන්ත්‍රණය’ පිළිබඳව අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදු කර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි චැනල් 4 රූපවාහිනි නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.

    අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනි චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.

    එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අප දුටුවා.

    ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රට ම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයද මේ නිගමනවලට දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයකි.

    ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින් ද, මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නො සිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු.

    එහෙයින් කඩිනමින් සිදු විය යුතු ක්‍රියාවලිය වන්නේ,

    1. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද, පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලු වැදගත් කරුණු මෙන් ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ, නමුත්, මේ දක්වා නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු ය.
    2. එම විමර්ශනය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.
    3. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුළත් විය යුතුය.
    4. එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන, සියලු නිළධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිටවිය යුතුය.

    එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත්, තවමත්, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මාගේ ද සේවය මෙම විමර්ශනය නිමා වන තුරු අත්හිටවිය යුතුය.

    ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටු කරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.

    මේ අවස්ථාවේදී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණ නිශ්චිත කරුණු දැන සිටීනම් ධෛර්්‍යවන්තව ඒවා එළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසය.

    අපගේ දේවස්ථාන භාර සියලුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 8 වෙනිදා සිකුරාදා දින සියලුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස ය.

    මේ සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩි. ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදීත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.

    එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.

    මේ සඳහා සහභාගී වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලුම කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.

    මැල්කම් කාදිනල් රංජිත්
    කොළඹ අගරදගුරු හිමි

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version