මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායකයකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ බේරාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරයකු හා ඔහුගේ පුත්‍රයෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා ඒ සඳහා පොලීසියේ උසස් නිලධාරීන්ට හා තවත් ප්‍රබල අමාත්‍යවරයකුට බලපෑම් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
හරක් කටාට ලබා දී ඇති රැඳවුම් නියෝග ඉවත් කරන ලෙස ද අදාළ පිය පුතු දෙපොළ විසින් ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.