ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තෝ තවමත් සොයාගෙන ඇති බවක් පෙනෙන්නට නැතත් ඊට වගකිව යුතු රාජ්‍ය නිලධාරින්ගේ නොසැලකිල්ලට මළවුන් විසින් දඩුවම් දීම ආරම්භ කර තිබේ.
මහා ජන සංහාරයක් සිදුවෙමින් මෙරට වන්දනීය ස්ථාන ලේ වලින් පිරවීමට ත්‍රස්තයන් කටයුතු කළ නමුත් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට මෙරට ආරක්ෂක අංශ සමත් නොවීය.
එම සිද්ධියේ සත්‍ය සාක්ෂි සහිත සිද්ධිය තවමත් නිසි ලෙස මාධ්‍යයට අනාවරණය නොවූ පසුබිමක, රාජකාරිය පැහැර හැරීමේ වගකීමට විවිධ පුද්ගලයන් දඩුවම් විදිමින් සිටී. ඒ යුක්තිය ඉල්ලා දිගින් දිගටම එකමුතුව පෙනී සිටින්නේ කතෝලික ප්‍රජාව නිසාය.
මේ සියලු සිද්ධීන් යටපත් නොවී දිගින් දිගටම මතුවෙමින් තිබියදී චැනල් 4 නාලිකාවද ආන්දෝලනයට තුඩු දෙන ලෙස කටයුතු කරන ලදී.
ඒ අතර ෂෙහාන් මාලක සමග චමුදිත සමරවික්‍රම මහතා පැවැත් වූ අන්තර්ජාල සාකච්ඡාවකදී අනාවරණය වන්නේ, චැනල් 4 නාලිකාවට පැවසීමට පෙර සුරේශ් සලේ මෙම ප්‍රහාරය පිටුපස සිටින බව අනාවරණය කළ බවයි
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.