පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව සිත් තැවුලට පත් වූ පුද්ගලයෙකු පොතුපිටිය පොලිස් ස්ථානය තුලදී හැට්ට කටු ගිලීමෙන් පසු ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පහළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට එම දැරියගේ මව විසින් සිදු කළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් කැඳවා තිබූ රෝහල්ගත කළ පුද්ගලයා එම විමර්ශණයෙන් අනතුරුව සිත් තැවුලට පත්වී මෙලෙස හැට්ට කටු ගිල දමා ඇති බවට පොලීසිය අනාවරණය කර තිබේ.
රෝහල්ගත කළ පුද්ගලයා පැමිණිල්ල සිදුකළ කාන්තාවගේ අනියම් පුරුෂයා බවටද කරුණු හෙළිවී ඇති බවට පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු පොතුපිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.