රටපුරා ත්‍රිපෝෂ බරපතළ හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූ බව වාර්තා වේ.
එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පවසා තිබේ.
“කිරිදෙන මවුවරුන්ට ගැබිණි මවුවරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ අද හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත් පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරන බවට ආරංචියි. පෞද්ගලීකරණ ලැයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ දීම ඕනෑම රජයක වගකීමක්. දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්”