අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.
වෙඩිතැබීම සිදුව ඇත්තේ අම්බලන්තොට දෙස සිට ධාවනය වූ බස් රථයක් තුළදීය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බස් රථය හරස් කර නවත්වා ඒ තුළට නැග අදාළ කාන්තාවට වෙඩිප්‍රහාරය එල්ලකර තිබේ.
තුවාල ලැබූ කාන්තාව අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.