අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කර ඇති බව වාර්තා වේ.
පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීමට නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවත විභාගයට පෙනී සිටින දරුවන්ට ලබා දීම බලධාරීන්ගේ වගකීමක් බව ද සඳහන් කර තිබේ.













































