අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ඉකුත් වර්ෂ දෙක තුළ ( 2021 , 2022 ) විදුලි වැටවල් ඉදිකිරීම හා එහි නඩත්තු කටයුතු සඳහා රුපියල් කෝටි 228 ක මුදලක් වැය කළ ද අලි මිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වසර පහ තුළ අලි මරණ 1867 ක් හා මිනිස් මරණ 618 ක් වාර්තා වී ඇති බැව් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වර්ෂ දෙක තුළ විදුලි වැටවල් ඉදිකිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් එකසියවිසිපන්කෝටි දශලක්ෂ හැටහත්දහස් එක්සිය විනිනවයකි. ( 1,251,067,129) එහි නඩත්තු කටයුතු සඳහා රුපියල් එකසිය තුන්කෝටි , දාහත්ලක්ෂ හතළිස් එක්දහස් හාරසියවිස්සක මුදලක් ( 1,031,741,420 ) වැයකොට ඇත. මේ වන විට ඉදිකොට ඇති විදුලි වැටෙහි දිග ප්‍රමාණය කිලෝමීටර් 4,756 කි.
ඉකුත් වසර 5 ක කාලය තුළදී අලි මිනිස් ගැටුම හේතුවෙන් වැඩිම අලි මරණ , මිනිස් මරණ , දේපල හානි සහ ශාරීරික හානි සිදුවී ඇත්තේ ඉකුත් වර්ෂයේ දීය . (2022 ) එම වර්ෂයේදී දේපල හානි 7830 ක් වාර්තා වී තිබූ අතර ශාරීරික හානි 494 ක් වාර්තා වී තිබුණි.
( ලංකා සර )














































