අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000 කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ.
සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ කහ උණ සඳහා එන්නත ලබා ගැනීමේ පෝලිම මේ හේතුවෙන් දිනෙන් දින දිගු වෙමින් පවතින බවයි.
අප්‍රිකානු රටවලට යන අය සෞඛ්‍ය හේතූන් මත මෙම එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් , සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නොමැති බවත් , ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් 3000 ක් පමණ ළඟදීම පැමිණීමට නියමිතව ඇති බවත් ය.














































