2023 රග්බි ලෝක කුසලානයේ පළමු තරගය නවසීලන්තය පරදවා සත්කාරක ප්‍රංශය ජයග්‍රහණය වාර්තා කර තිබේ.
ඒ ගෝල 27 ට 13ක් ලෙසයි.
මෙම තරගය පැරිස් නුවර ස්ටෙඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර රග්බි ලෝක කුසලානය ලබන මස 28 වනදා දක්වා ක්‍රීඩාංගන 9 කදී පැවැත්වේ.
ඊට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව විස්සකි.
අද දිනයේදී ඉතාලිය – නැමීබියාව සමඟත්, අයර්ලන්තය – රුමේනියාව සමඟත්, ඕස්ට්‍රේලියාව – ජෝර්ජියාව සමඟත් තරග වැදිමට නියමිතව තිබේ.













































