බස්නාහිර , සබරගමු පළාත්වලටත් , පුත්තලම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට (10) දිනයේ මිලිමීටර 75 ට වඩා වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මීට අමතරව දකුණ සහ වයඹ පළාත්වලටත් , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකි බවත් , මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් , උතුර , උතුරු මැද සහ වයඹ පළාත්වලත් , ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් සුළගේ වේගය පැයට කිලෝ මීටර් 45 ක් දක්වා ඉහළ යා හැකි බවත් ය.














































