හපුතලේ ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා වෙඩි තබාපුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරන සැකකරුවන් සහ මෝටර් රථයක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
නාදුනන කණ්ඩායමක් විසින් වෙඩි තබා මෙම පුද්ගලයා ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
මේ වන තෙක් සිදු කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙම සැකකරුවන් ව්‍යාජ අංක සහිත මෝටර් රථයකින් පැමිණ ඇති බවයි.
පොලීසිය සඳහන් කරන්නේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් හෝ මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-859 15 31 යන අංකයෙන් දියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ 057 222 22 60 සහ 057 223 16 12 යන අංකවලින් බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙසටයි.














































