දුම්රිය රියදුරු වර්ජනයෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 36ක් අවලංගු වූ බවට දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සිය වෘත්තීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරු වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතව සිටී.













































