සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහතුනක් මේ වනවිට ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව දහතුන් දහස් තුන්සිය දෙකකි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් දහතුන්දහස් එකසිය හැත්තෑ දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් හාරදහස් අසුතුන් දෙනෙකු වාර්තා වී ඇත.
එසේම මේ මාසයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් නවසිය හැටදෙනෙකු වාර්තා වී තිබේ.
පවතින වැසි තත්ත්වය සමග මදුරු ග්‍රහණය වැඩිවිය හැකි බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.














































