සිය පුතා පොලීසියෙන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිත්තැවුලට පත් මවක් සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 44 හැවිරිදි මහව කුලසැන්දෑව ,කරඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
සිය පුත්‍රයා පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් මව සිත්තැවුලට පත්ව ඇති බව අනාවරණය වේ.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශණ කටයුතු මහව පොලීසිය විසින් සිදුකරනු ලබයි.














































