ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) අලුයම විදේශගත වීම හේතුවෙන් එම අමාත්‍යාංශවල වැඩ බැලීම සඳහා වැඩ බලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද , වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ද , වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතා ද , වැඩ බලන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පැස්කුවල් මහතා ද පත් කර තිබේ.














































