දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතළ තුවාල ලැබූ අග්බෝ හස්තියාට ප්‍රතිකාර කිරීමට පටන් ගෙන තුන් මසක් ඉක්ම ගොස් ඇති අතර අග්බෝ හස්තියා මේ වන විට මද සුවයකින් පසුවන බව වාර්තා වේ .
අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු වන ජීවී නිලධාරීන් අව් වැසි නොතකා හස්තියාට ප්‍රතිකාර කිරීමේ කාර්යයේ නියැළී සිටින අතර විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද මේ සඳහා නොමද සහාය දක්වයි.
එමෙන්ම අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් පිරිසක් විසින් තමන්ගේ යල කන්නයේ වී වගාවෙන් අග්බෝ හස්තියා පෝෂණය කිරීමට කටයුතු කර තිබුණි.
තවද අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එකතු කිරීමේ කාර්යය ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් සහ එම ගම්මානයේ කාන්තා ගොවි සංවිධාන නියෝජිතවරියන් ද , ගමේ කාන්තාවන් ද එකට එක් වී කටයුතු කළහ.














































