පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු යැයි වසර 04ක් පුරාවට තමන්ට විවිධ පාර්ශව විසින් චෝදනා නැඟූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූ බව වාර්තා වේ.
එසේම, චැනල් 4 නාලිකාව මඟින් වෙනත් කරුණු ද හෙළිදරව් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
”චැනල් 4 ගැන අද ඒ ලියුමේ කටයුතු අවසන් කරනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හම්බවෙනවා ගිහිල්ලා. ඒ නිසා අපි හඬක් නඟනවා රටෙත් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් යෝජනා කරලා තියන පරිදිම ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා. අනිත් එක මට මේ දැන් අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා. නඩු තීන්දුත් දුන්නා. දැන් චැනල් 4 දිහා බලපුවහම වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා හැම කෙනෙකුටම පේනවා”














































