Mexican Congress හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථ දක්වා ඇත්තේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙනි.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළිවී ඇති බවයි.
එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බව වාර්තා වේ.















































