පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද (14) පුත්තලම දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු බව වාර්තා වේ .
වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් එම රැස්වීම පැවති අතර එයට පාර්ලිමේන්තු මන්ත් අලි සබ්රි රහීම් , සනත් නිශාන්ත , පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති චින්තක මායාදුන්න ඇතුළු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
එහිදී බදු ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර එහිදී බදු නොගෙවන අයගෙන් බදු ලබා ගැනීමට අවශ්‍ය බව සාකච්ඡා කරන ලදී.
එහිදී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති චින්තක අමල් මායාදුන්න මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනයාගෙන් බදු ගන්නා බවත් , මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සලසන බවත් ය.
බදු නොගෙවන ඉඩමක් සම්බන්ධයෙන් කතාබහ කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ද එහිදී හට ගෙන තිබේ.
එයට හේතු වී ඇත්තේ එම කතා බහට යෙදුණු ඉඩම පුත්තලම දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා භුක්ති විඳින ඉඩමක් වීමයි.
එමෙන්ම තබ්බෝව පන්සල්ගල ප්‍රදේශයේ කුඹුරු අක්කර 100 ක් පමණ ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වීමට මූලික හේතුව බවට පත්වී තිබෙන්නේ පහරිය ජලාශයේ සිට ගලා එන ඇළ මාර්ගයක් කිසියම් පුද්ගලයෙකු විසින් හරස්කර බැම්මක් ඉදිකර තිබීම නිසයි. ඒ සම්බන්ධව පුත්තලම මහා වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේ එය කාලයක සිට ඉදිකර ඇති එකක් බවයි.
එහිදී නිශාන්ත අමාත්‍යවරයා එය නිත්‍යානුකූලව අවසරයකින් සිදුකළ එකක් ද යන්න විමසූ විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එසේ නොවන බවයි.
දිස්ත්‍රික් කමිටු තීරණ අනුව බැම්ම කඩා ඉවත් කර තබ්බෝව පන්සල ප්‍රදේශයේ කුඹුරු වගා කරන අක්කර 100 ක් පමණ අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස එහිදී තීරණය විය.














































