මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනයෙන් හානියට පත් නිවාස 50,000ක් යළි ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සම්පූර්ණයෙන් විනාශ වූ නිවසක් සඳහා අමෙරිකානු ඩොලර් 13,000ක් සහ අර්ධ වශයෙන් හානි සිදු වූ නිවසක් සඳහා ඩොලර් 8,000ක් ලෙස මූල්‍යාධාර ලබාදීමට මොරොක්කෝ රජය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එතෙක් නිවාස අහිමි වූ පුද්ගලයන් සඳහා තාවකාලික රැඳවුම් ස්ථානවල නවාතැන් ලබාදීමට එරට රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් නිවාස අහිමි වූ පුද්ගලයන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැති බව සඳහන්.
පසුගිය සතියේ මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.















































