විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය මෙම ආයතනය වලංගු රැකියා ඇණවුමකින් තොරව විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ .
අදාළ සැකකරු සමාජ මාධ්‍යය ඔස්සේ දැන්වීම් පළ කරමින් රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම සිදු කර ඇති අතර එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 272ක්, ජීව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.














































