සිඟමන් යැදීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවයකට පවුලේ අය සමඟ පැමිණ සිටි අවුරුදු දෙකක් වයසැති කුඩා දැරියක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
දැරියගේ මව ප්‍රකාශ කර සිටින්නේ මෙම දරුවා එහි සිටි යාචක කාන්තාවක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරන්නේ දැරිය සිය මව , මිත්තණිය හා බාල සොයුරා සමග යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බවයි .
මෙම පිරිස වවුනියාව , සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පැහැරගෙන ගියා යැයි සැක කරන කාන්තාව මඩකලපුවේ සිට පැමිණි අයෙක් බව සඳහන් වේ .
දැරියගේ මව මුදල් එක්රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවේදී මඩකලපුවේ සිට පැමිණි බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලා ගෙන පිටව ගොස් තිබේ .
පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් , යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසටත් ය.
යාපනය මූලස්ථාන පොලීසිය
021 – 2222222 / 021 – 3211257 / 071 – 8591329














































