ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ සහ මිනිස් ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 16 දෙනෙකුට වසර 70කට වැඩි සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.
ඒ බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් අනතුරුවයි.
2017 – 2019 අතර කාලයේ ඔවුන් මෙම මුදල් විශුද්ධිකරණ සහ මිනිස් ජාවාරම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 70ක පමණ මුදලක් මෙම ජාවාරම්කරුවන් විසින් බ්‍රිතාන්‍යයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයන ලද මුදල් ඔවුන් මෙලෙස නීතිවිරෝධී ලෙස භාවිතා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.