සුඩානයේ රජයේ හමුදා සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කාර්ටුම් අගනුවර විශාලතම ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි රැසක් ගින්නෙන් දැවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ නයිල් නදිය ආසන්නයේ පිහිටා ඇති තට්ටු 18කින් යුත් ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් සමාගමේ ගොඩනැගිල්ල මෙලෙස ගිනි ගෙන ඇති බවත් , කිසිදු ජීවිත හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවත් ය.















































