බදුල්ල තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි චීවරධාරීයකු ඇතුලු හත්දෙනෙකු නවීන තාක්ෂණ යෙන් යුතු ස්කෑන් යන්ත්‍රයක් , පූජා භාණ්ඩ , සුවද දුන් තෙල් වර්ග, මංත්‍ර පොත් පත් ,උදලු ,අලවංගු ඇතුලු උපකරණ රැසක් සමඟ අද (18) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානක 50 හැවිරිදි චීවරධාරීයකු ,සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80, 75, 35, 40 වයසේ පසුවෙන සිව්දෙනෙකු , තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 25 වයසේ පසුවෙන දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන්.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් මත බදුල්ල කොට්ඨාස පුරාවිද්‍යා විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ රාත්‍රි ජංගම පොලිස් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එක්වී තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ අද (18) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.














































