ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදුන් බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙවර අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙනු ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි.
මෙරට ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙනි.
ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ මුළු ජනගහනයෙන් 1/5 කගේ ජන ජීවිතය අකර්මන්‍ය වන බවද අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේවන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව පැවසූ ලේකම්වරයා, ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දීමට රජය කඩිනමින් කටයුතු කරන බවද සදහන් කර ඇති බව වාර්තා වේ.
කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සදහන් කර තිබේ.














































