වර්තමානය වන විට දේශීය දියර කිරි කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති අතර ඊට බෙහෙවින් බලපා ඇත්තේ දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීමයි.
එම බද්ද දියර කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා ඉවත් කර ගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
කෙසේ නමුත් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ කිරිපිට ආනයනය නොකරන පසුබිමක් තුළ දී දේශීය දියර කිරි සඳහා ද මෙවැනි බද්දක් පැනවීම තුළින් කර්මාන්තකරුවන්ට මෙන්ම එහි යාන්ත්‍රණයට ද බලපෑම් එල්ල වී ඇති බවයි.
ඇතැම් පාර්ශවයන්ගෙන් දියරකිරි ඇසුරුම් සඳහා 5%ක බද්දක් අයකිරීම හේතුවෙන් දියර කිරි මිල ද ඉහළ නංවන ලෙසට යෝජනා පැමිණිය ද මේ වන තෙක් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැතති බව ද පශු සම්පත් මණ්ඩලය ප්‍රකාශ කරයි.














































