බස් රථවල ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සොයා ගත් බව වාර්තා වේ.
ගල්කිස්ස පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් විසින් සොරාගත් ජංගම දුරකථන 7ක්ද වැඩිදුර විමර්ශණවලදී සොයාගෙන තිබේ.
මොවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.














































