මාතර , මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
එම පාසල තුළ ඉදිකර තිබූ අදාළ කාමරය භාවිතයට නොගන්නා එකක් බව සඳහන් .
එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයා ගෙන තිබේ .
එමෙන්ම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














































