රත්නපුර ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ .
පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙම ළමුන් පිරිස මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත රෝහල්ගතකර ඇති බවයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ය.














































