මාළිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා පසුගිය පළමු වනදා මාළිගාවත්ත එච්. ආර් ජෝතිපාල මාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.
ඔහු කොළඹ 08 බේස්ලයින් පාර, ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර වෙඩිතැබීම සඳහා පැමිණි 20 හැවිරිදි යතුරුපැදිකරු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුව අත්අඩංගුව ගෙන තිබේ .