English
සිංහල
15:12 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදා විනයාරක්ෂකාධිපතිට මූල්‍ය වංචා චෝදනා.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්ෂකාධිපතිවරයාට මූල්‍ය අක්‍රමික චෝදනා සහිත පුවත් වාර්තාවක් ලංකා ඊ නිව්ස් web අඩවිය තුල පළකර තිබේ.  එම චෝදනාව තුල පිළිතුරු ලබා දෙන ලෙස සඳහන් කරමින් ප්‍රශ්න කිහිපයක්ද යොමු කර තිබේ. එම චෝදනාවට අනුව යුධ හමුදාවේ මියගිය  රණවිරුවෙකුගේ බිරිඳක් වෙනුවෙන් නිවසක් තනා දී තිබේ. එම නිවස සෑදීම සදහා ඉතාලියේ පදිංචි කාන්තාවකගෙන් මුදල් ලබාගෙන තිබෙන නමුත් ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙන්නේ යුධ හමුදා පොලිස් හේවා බලකායේ ඒකකවල අයත් මුදල් බවද සඳහන් වේ. ඉතාලියේ කාන්තාව ලබාදුන් මුදල් විනයාරක්ෂකාධිපතිවරයා විසින් වංචනික ලෙස ලබාගෙන තිබෙන බවද එහි සදහන් වේ.

    එසේම මෙම විනයාරක්ෂකාදිපතිගේ බිරිඳටද චෝදනා එල්ල වී තිබේ. සමස්ත ලිපිය දෙස අවධානය යොමුකිරීමේදී ද මෙම අධිපතිට චෝදනා රාශියක් එල්ලව තිබේ. පසුගිය දිනයක ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂමේ නිලධාරීන්ද පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරද පරික්ෂා කළේය.  මෙම අධිපතිවරයා වන මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා වර්තමාන මහජනතාවගේ ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතාගේ සමීපතයෙක් ද වේ.

    පාස්කු ප්‍රහාරයේ වගකීමද යුධ හමුදා නිලධාරීන්ට එල්ල වෙමින් පැවතියදී, කමල් කමල් ගුණරත්න මහතාගේ වත්කම් සෙවීම සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ගිණුම් පිළිබඳව සෙවීමටද කෝප් ආදී කමිටුවලට කැදවීමටද අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී. එය සිදුකිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් බවද අපට තොරතුරු ලැබී තිබේ. ඒ අතර කමල් ගුණරතන මහතාට එරෙහිව අපරාධ චෝදනා යටතේ සුවිශේෂී පැමිණිල්ලක් කිරීමටද තවත් කණ්ඩායමක් කටයුතු කරමින් සිටි. එහි විශේෂත්වය වන්නේ කමල් ගුණරත්න මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමග 2018 සිටම ඔවුන්ගේ පක්ෂය ප්‍රවර්ධනය කරමින් සිටි බැවිනි. කෙසේ නමුත් එම පැමිණිල්ළේ අඩංගු කරුණු මොනවාද යන්න පට අනාවරණය නොවේ. නමුත් විශ්‍රාමික හමුදා ජනරාල්වරු කිහිපදෙනකු ඇතුළු විශ්‍රාමික හමුදා නායකයන් ගණනාවක්ම කමල් ගුණරත්න මහතාට එරෙහිව අදාළ පැමිණිල්ල පිටුපස සිටි.

    පාස්කු ප්‍රහාරයේ සිද්ධිය නැවත නැවත අළු යට ගිනි පුපුරු සේ ගිනිගනිමින් තිබියදී දේශපාලන තත්වයද වෙනස් වෙමින් පවතින්නේ කිසිවෙකුටත් අනාවැකි ලිවීමට නොහැකි ලෙසිනි. එවන් පසුබිමක් තුල ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දේශපාලනයේ සිටි බොහෝ හමුදා නායකයන්ගේ ඉදිරි කල දසාවද නරක අතට පත්වෙමින් තිබේ. ඒ අනුව සමස්ත ආරක්ෂක අමාත්‍යංශයේ සිටින දේශාපාලනය කර තනතුරුවලට පැමිණි බොහෝ දෙනෙකුට ඉදිරි කාලය තුල නීතිමය කටයුතුවලට මුහුණ දීමට, ඒවාට පැටලීමට තිබෙන හැකියාවද ඉහලින්ම තිබෙන බව අප මීට පෙරද අනතුරු හඟවා තිබේ. නමුත් ආරක්ෂක ලේඛම්වරයා පවා තවමත් කටයුතු කරනුයේ ඒවාට අවධානය යොමුනොකර බවද පැහැදිලිය.

    එවන් පසුබිමක් තුල මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා මහතාටද මෙවැනි චෝදනා එල්ල වීමත් තවත් ගැටළු රාශියක් යුධ හමුදාවේ අභ්‍යන්තරය තුල තිබෙන බවද අප මීට පෙර පෙන්වා දී තිබේ. ලංකා ඊ නිව්ස් පුවත තුලින් විශේෂ චෝදනා කිහිපයක් වෙනුවෙන් යුධ හමුදාධිපතිගෙන් පිළිතුරු ඉල්ලා . ඒ පහත අයුරිනි.

    හමුදාපතිට අභියෝගයක් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්න පත්තරයක්…..

    1. ඉතාලියෙහි පදිංචි කාන්තාවකගෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් ලබා ගෙන තිබේද ?
    2.
    ලබාගෙන තිබේ නම් මුදල් ලබා ගැනීම හමුදා නීතියට අනුකූලව සිදු කර තිබේ ද ?
    3.
    ලබාගත් මුදල් ගිණුම් ගත කර තිබේද ?
    4.
    එම මුදල් ඉහත කී නිවස ඉදිකිරීම සඳහා භාවිතා කර තිබේද ?
    5.
    තමා විසින් ලබාදුන් ලක්ෂ 20 ක මුදල නිසියාකාරව ඒ නිවෙස ඉදිකිරීමට යොදා ගෙන නැති බවට සහ මුදල් වලට සිදු වූ දේ පිළිබඳව සොයා බලන ලෙසට ඉතාලියේ පදිංචි කාන්තාව විසින් යුධ හමුදාපතිට හෝ යුද හමුදාවේ වෙන යම් ආයතනයකට ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේද?
    6.
    මේ වන විට එම ලිඛිත පැමිණිල්ල යුද හමුදාවේ කවුරුන් සතුව තිබේද ?
    7.
    එම ලිඛිත  පැමිණිල්ල සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද ?

    ඒ අනුව මේ පිළිබදව යම් ප්‍රකාශයක් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කල යුතුව තිබේ. ඔහු මෙයට සාධාරණ පිළිතුරක් ලබා දිය යුතුය. එසේම අසත්‍ය තොරතුරු මත නොව සත්‍ය පිළිතුරු මත එය ලබා දිය යුතු වන්නේ චෝදනා එල්ලකරන පාර්ශ්වයන් සතුව මේ සියලුම චෝදනාවලට අදාළ සාක්ෂි තිබිය හැකි බැවිනි. මේවා අසත්‍ය නම් එය වැරදි බව ජනතාව දැනගත යුතුය. එසේම පුවත සත්‍ය නම් වහාම පරීක්ෂණ ආරම්භ කිරීම යුධ හමුදාධිපතිගේ වගකීම වේ. එසේම අපද මීට පෙර පළකර තිබෙන පුවත්වලටද එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන්නේ, අප සදහන් කල පාර්ශ්වයන්ගේ එම ඉදිරිපත් කිරීමට නියමිත පැමිණිලිවල එම කරුණුද ඇතුලත් විය හැකි බැවිනි. එසේම මෙම වාර්තාව තුල තිබෙන සියලුම කරුණු දෙස අවධානාය යොමුකර අදාළ ලෙස පරීක්ෂණ කර යුධ හමුදාපතිද සුද්දවන්තයෙක් විය යුතුමය. (චයාරුප ලංකා ඊ නිව්ස්)

    ලංකා ඊ නිව්ස් පුවත පහතින්. මෙම පුවතේ අයිතිය ලංකා ඊ නිව්ස් සතු වේ.

    (ලංකා ඊ නිව්ස් -2023.සැප්.19, ප.ව.10.30) ශ්‍රී ලංකා යුද හමුදාව දවසට දෙකට පජාත කර  දැමූවන් අතර අග්‍රස්ථානය හිමිවනුයේ වර්තමාන  විනයාරක්ෂාධිපති අති දූෂිත කුප්‍රකට මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා හට  බැව් යථාර්ථයක් වී අවසන්ය.

    පිළිකුලකින් හිරිකිතකින් තොරව දූෂණයේ යෙදෙමින් මහජන මුදල් කාබාසිනියා කර විලිලැජ්ජාවක් නොමැතිව විනය ආරක්ෂා අධිපති බලතල ද අවභාවිතා කරමින් තමන්ගේ පශ්චාත් භාගය ලෙවකන  සට්ටැඹියන්ගේ නීති විරෝධී ක්‍රියා සියල්ල යට ගසමින් තමාට විරුද්ධ වන්නන් හට බොරු චෝදනා නගමින් නීතිය නැවීම කලාවක් නම් එහි පිකාසෝ  “බිංදු” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ මේ  මෙම මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා ය

    යුද හමුදා පොලිසියේ ඇත්තෝ ම මොහුව ” බිංදු ” යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන්නේ එදා මෙදා තුර යුද හමුදා පොලිසියේ ඔහුගේ මැදිහත් වීමෙන් සිදුකරනු ලැබූ විමර්ශනයන් සියල්ලම අසාර්ථක වීම සහ අවසාන ප්‍රතිඵලය බින්දුවක් ලෙස නිගමනය වීම නිසා ය.

    සිහින දකින ප්‍රොරෝමාෂල්…

    පසුගියදා පැවැත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය පරයා උණුසුම්ව නැගෙන හමුදාපති සටන කරට අරන් ක්‍රියා කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් තමාට හිතවත් අයකු යුද හමුදාපති  කරවීමේ  සටනේ යටිකූට්ටු කුමන්ත්‍රණ  දියත් කරමින් සිහින හමුදාපතිවරු බිහිකිරීමට කොන්දේසි විරහිතව කඩේ යමින් සිටී.

    වර්තමාන යුද හමුදාපති අපහසුතාවයට ලක් වූයේ මූලිකවම මොහුගේ සටකපට  දෙබිඩි වැඩවලිනි. මෑතකදී යුද හමුදාපති සහභාගිත්වයෙන් යුද හමුදා පොලිස්  වර්ණ රාත්‍රී අවසන්ව නිලධාරී  නිවාසයේදී පවත්වනු ලැබූ  සාදය ඉන් එකකි. තම යුද හමුදාපතිවරයා  තමාගේ වහලය යට දී ආරක්ෂා කරගත නොහැකි වූ දෙකයි පනහේ විනයාරක්ෂාධිපති කෙනෙක් යටතේ යුද හමුදාවේ විනය ගැන කුමන කතාද ?

    වැන්දඹු පවුල මාකට් කරලා සල්ලි ගරලා….  

    දෙවන යුධ හමුදා පොලිස් හේවා  බලකායේ මියගිය සෙබළකු වූ  කෝප්‍රල් අබේරත්නගේ බිරිඳ වන දිලිනි ප්‍රියශාන්ති අබයරත්න නැමැති වැන්දඹුව හට අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකර දීමට යැයි පවසමින් අගතියට පත් වැන්දඹු  බිරිඳ සහ දරු දෙදෙනාගේ ඡායාරූප පෙන්වමින් පරිත්‍යාගශීලී කාන්තාවන් රැසක් නොමඟ යවමින් පරිත්‍යාග මුදල් විශාල ප්‍රමාණයක් මේ අපූරු විනයාරක්ෂාධිපති යටි මඩි ගසා තිබේ.

    යුධ හමුදා පිළිවෙතට අනුව යුධ හමුදා ක්‍රියාකාරකම් සඳහා සිවිල් ජනතාව විසින් ලබා දෙනු ලබන සියලුම  මුදල් ආධාර  යුධ  හමුදාපති අරමුදල හරහා ද, භාණ්ඩ යුධ හමුදා විධායක ජෙනරාල් ශාඛාව  වෙතින් ලබාගන්නා  අවසරයකට යටත්ව පමණක් ලබාගත හැකිමුත් මෙම මේ විනයාරක්ෂාධිපති විසින් යුධ හමුදා මූල්‍ය අණ පනත් මුදල් රෙගුලාසි තුළින් සූක්ෂමව රිංගා යමින් යුද හමුදා පිලිවෙත පරිබාහිරව ඉහත කී ඉහත කී මුදල් වංචා කර තිබේ.

    සමනල ගැටයට අසුවුණු  කාන්තාවන් අතර චමිලා මහත්මිය..

    මොහුගේ මෙම සමනල ගැටයට අසුවුණු  කාන්තාවන් අතර කැනඩාවේ පදිංචි  චමිලා ජයතිලක මහත්මිය මුල් තැනක් ගන්නා අතර ඇයගෙන් ලක්ෂ 30 ක මුදලක්  මෙම නිවස ඉදිකිරීමට යයි පවසමින් ලබාගෙන තිබූ අතර එම මුදලින්ද කොටසකට   වගකී මේ විනයාරක්ෂාධිපති ඉතුරු කොටසෙන් නිවසේ වැඩ අඩක් නිමකර ඡායාරූපගත කර පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයකට එම ඡායාරූප යවමින් ලබාගත් මුදල් අදටත් ගිණුම්කර නොමැත. අඩක් නැංවූ බිත්ති ද එම ප්‍රමාණයෙන්ම පැවතුණේ  වින්දිත දරු පවුල කබලෙන්  ලිපට දමමිනි.

    ලක්ෂ 20 මාටිය ගැහිල්ල….

    එක තැනම වැඩ නැවතුනු නිවසට වඩා මාටියා ගැහිල්ල  දිනෙන් දින ඉහළ මට්ටමක  පැවතීම නිසා නිවසේ වැඩ දවසෙන් දවස අඩාල වන්නට විය. ඒ අනුව තවත් පරිත්‍යාගශීලීනියක් ඇමට ඡායාරූප යවා  බිලී බාගැනීමට මේ විනයාරක්ෂාධිපතිට  හැකිවිය.

    ඉතාලියේ පදිංචිව සිටින එකී කාන්තාව අසරණ වූ  සෙබල පවුල සහ අඩක් නිමවූ නිවසේ ඡායාරූප  දැක රුපියල් ලක්ෂ 20 ක මුදලක් මෙම නිවසෙහි ඉදිරි වැඩ නිමකිරීම සඳහා යුද හමුදා විනයාරක්ෂාධිපති සොර දෙටුවා වෙත ලබා දී තිබේ.

    හිරිකිතකින් තොරව එම සියළුම මුදල තමන් ඇතුළු තම පවුලේම පංචස්කන්ධ පිනවීම සඳහා අපයෝජනය කළ  මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා අසරණ වූ සෙබළ දරු පවුලේ විලාපය නෑසුනා සේ කල් ගෙවීය.

    ලක්ෂ 20 ගැන හොයන්න ඉතාලි කාන්තාවගෙන් හමුදාපතිට පැමිණිල්ලක්…

    බොරුවට ආයුෂ නැත. තමා දුන් මුදලට සාධාරණයක් ඉෂ්ඨ වූයේ දැයි ඉතාලි කාන්තාව දිගින් දිගටම සොයා බැලීමේදී එම මුදල වින්දිත වැන්දඹුව හෝ ඇගේ පවුල වෙත ලැබී නොමැති බව මෙන්ම අඩක් නිමවූ නිවස ඒ අයුරින්ම පවතින බව දැන ගෙන තිබේ.

    තමා දුන් මුදල් කුප්‍රකට මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා විසින් හිරිකිතයකින් තොරව යටි මඩි ගසා ඇති බව සාක්ෂි ඇතිව සොයා ගත් කාන්තාව මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස යුද හමුදාපති වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇත

    ඉල්ලීමක් පමණක්  කර බලා නොසිටි එම කාන්තාව දිගින් දිගටම  මෙම මුදල් වලට සිදු වූ දේ පිළිබඳව විනයාරක්ෂාධිපති ක්ලිෆර්ඩ් සොයිසා ගෙන් ප්‍රශ්න කරන්නට ද වූවා ය.

    වැඩේ නන්නා පෝල් වෙන්න යන්නේ…

    වැඩේ නන්නා පෝල් වීමට යන බව දැනගත් සොයිසා නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය භාරව සිටි  ගිරිතලේ දෙවන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල්  නේරංගමට සොරාගත් මුදලෙන් කොටසක් ලබාදී  කාන්තාවගේ ලක්ෂ 20 පරිත්‍යාගය පිළිබඳව කෙල බිඳක් නොහෙලන ලෙස ඇවිටිලි කර ඇත. තවද ඔහුව කොළඹට ගෙන්වා දෙන බවට පොරොන්දු වූ විනය ආරක්ෂාධිපති සිය පොරොන්දුව ඉෂ්ට කරමින් පොලිස් හේවා බලකා මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඔහුට ස්ථාන මාරු වීමක් ද ලබා දුන්නේ ය.

    ලිඛිතව මෙන්ම වාචිකව මේ පිළිබඳව පැමිණිලි ගලා එද්දී කර කියා ගත දෙයක් නොමැති වූ මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා තම බලකාදිපති ධූරය අවභාවිතා කරමින් තමා යටතේ ඇති යුද හමුදා පොලිස් හේවා බලකා ඒකක 7 වෙත නිවසේ වැඩ නිම කර දීමේ වගකීම භාර කළ අතර ඒකකයන් හතෙහි අණදෙන නිලධාරීවරුන් මේ යක්ෂයාගේ නැසී ගිය මව මතක් කරමින් තමන්ගේ ඒකකයන් නඩත්තු කිරීමට ඇති මුදලින් නිවසේ වැඩ නිම කිරීමේ  නිරත වූහ.

    කෙසේ වෙතත් අවසානයේ ඉහත කී ප්‍රශ්නගත නිවස ඉදිකිරීම් අවසන්ව එම නිවස මියගිය සෙබළාගේ පවුලේ අයට භාරදීමට සිදුකරනු ලැබූ ආරාධනාව බාර ගැනීම හමුදාපතිවරයා ප්‍රතික්ෂේප  කර තිබිණ. මන්ද යත් ඔහුට සිද්ධියේ දූෂනය වාර්තා වී තිබූ නිසා ය. නමුත් ක්ලිෆර්ඩ් සහ බිරිඳ කිසිවක් සිදු නොකළා සේ ඉදිකළ නිවස ඉදිරිපිට සිට ඡායාරූප නම්  ගත්තෝය. ඡායාරූප ගත්තේ නම් හොඳකට නොව නිවස ඉදිකිරීමට යයි පවසා මුදල් ගත් අන් අයට  නිවස ඉදිකර භාරදුන් බවට පෙන්වීමට සහ තවත් කාන්තාවන් අන්දා හෝල්සේල් පරිත්‍යාග ලබා ගැනීමට ඇමට භාවිතා කිරීමට ය.   

    ඉතාලියේ වෙසෙන කාන්තාව විසින් හමුදාපති වෙත එවන ලද ලිපිය සබැඳිව යුද හමුදාපතිවරයා මෙම දූෂනය යට නොගසා ලක්ෂ 20 ක් හොරා කෑ මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා  බලකාධිපති සහ විනයාරක්ෂාධිපති තනතුරුවලින් ඉවත් කොට පරීක්ෂනයක් පැවැත්විය යුතුය. නොඑසේ නම් ඒ ලක්ෂ 20 ගසා කෑමේ දූෂනයට හමුදාපතිවරයා ද අලගුවක් වනු ඇත.  

    හමුදාපතිට අභියෝගයක් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්න පත්තරයක්…..

    1. ඉතාලියෙහි පදිංචි කාන්තාවකගෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් ලබා ගෙන තිබේද ?
    2.
    ලබාගෙන තිබේ නම් මුදල් ලබා ගැනීම හමුදා නීතියට අනුකූලව සිදු කර තිබේ ද ?
    3.
    ලබාගත් මුදල් ගිණුම් ගත කර තිබේද ?
    4.
    එම මුදල් ඉහත කී නිවස ඉදිකිරීම සඳහා භාවිතා කර තිබේද ?
    5.
    තමා විසින් ලබාදුන් ලක්ෂ 20 ක මුදල නිසියාකාරව ඒ නිවෙස ඉදිකිරීමට යොදා ගෙන නැති බවට සහ මුදල් වලට සිදු වූ දේ පිළිබඳව සොයා බලන ලෙසට ඉතාලියේ පදිංචි කාන්තාව විසින් යුධ හමුදාපතිට හෝ යුද හමුදාවේ වෙන යම් ආයතනයකට ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේද?
    6.
    මේ වන විට එම ලිඛිත පැමිණිල්ල යුද හමුදාවේ කවුරුන් සතුව තිබේද ?
    7.
    එම ලිඛිත  පැමිණිල්ල සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද ?

    ක්ලිෆර්ඩ් සොයිසාගේ බිරිඳ ප්‍රියන්තිකා සොයිසාට ද දැඩි අප්‍රසාදය….

    දූෂනයට නම ගිය ක්ලිෆර්ඩ්  සොයිසාගේ භාර්යාව ප්‍රියන්තිකා සොයිසා ද ඊට  නොදෙවැනි වීම දෛවයේ සරදමකි. කිරුළපන මහාමාත්‍ය විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදෙන බවට පෙනී සිටී. සමස්ත යුද හමුදා සේවා වනිතා  පද්ධතියම බල්ලාට  දමමින් ඇය යුද හමුදා පොලීසියේ සේවාවනිතා සභාපතිනිය ලෙස  පත්කෙරිණ.

    ඇය විසින් මූලාසනය හෙබවූ එම සේවා වනිතා ඒකකයේ විසිදෙවන මහා සභා රැස්වීම පසුගිය  16 වන දින පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරෙහි පැවැත්වුවද ඇයට විරෝධය දක්වමින් බොහොමයක් වනිතාවෝ එදින නොපැමිණියහ. තමාගේ නායිකාව ලෙස දූෂණයේ යෙදෙන තැනැත්තියක් කිසිසේත් පිළිනොගන්නා උගත් බුද්ධිමත් කාන්තාවන් 200 ක් පමණ ඇයව අමු අමුවේ ප්‍රතික්ෂේප කළහ. කොටින්ම කියනවා නම් මැනිං ටවුන් නිලධාරී නිවාස වල සිටි නිලධාරී වරුන්ගේ බිරින්දෑවරුන් පවා අවස්ථාවට සහභාගි වූයේ නැත.

    විනය ආරක්ෂාධිපතිගෙන් ව්‍යාජ ෆේස්බුක් කමෙන්ට් බලකායක්….

    තමන් මහ දවල් සිදුකරනු ලබන වංචා, දූෂණ, අක්‍රමිකතා, යුධ හමුදා අනපනත් උල්ලංඝනය කිරීම්, නීතිය නැවීම්, දිගින් දිගටම  සමාජ මාධ්‍ය මගින් අනාවරණය  වීම නිසා ඊට පිළිතුරු සැපයීම සඳහා  සට්ටැඹි පරිවාරකයන්  සහ යුද හමුදා පොලිසියේ විශ්‍රාමික සංගමයේ සාමාජිකයන් ලවා එම සාමාජිකයන්ගේ මෙන්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම්  භාවිතා කරමින් සිටී.  අප සහ අනිකුත් සමාජ  මාධ්‍යන් ද කරනු ලබන අනාවරණයෙන් අසත්‍ය බවටත් යුදහමුදාව ඉලක්ක කරගනිමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවටත් පශ්චාත් භාගයෙන් හිනායන ෆේස්බුක් කොමෙන්ටු දමන්නේ ඔවුන් ය.

    විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ පෙර වැරදි…

    1.  2004 වර්ෂයේදී යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කරනු ලැබූ සමයේ ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්වේ ෆෙඩ්රික් හාමුගේ සහකරු සරත් වීරසේකර යන අයගෙන් කප්පම් මුදල් ලබාගෙන එම මුදල් වලින් හෝමාගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සහ එම ලබාගත් මුදල් සාධාරණ බව පෙන්වීම සඳහා කිසිදු වරදක් නොකළ යුධ හමුදා මේජර්වරයෙකු වන නෙල්සන් නැමැත්තෙකු අනීතිකව දින තුනක් සිරගත කර තබා ගැනීම.

    2. පසුගිය දිනක යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් ඉදිරියේ නිලධාරී නිවස්නයේදී එම බළකායේම බ්‍රිගේඩියර් වරයෙකු වන සලේ  (මේජර් ජෙනරාල් සලේගේ සහෝදරයා) හට බීමතින් පහර දී විනයාරක්ෂාධිපති ධූරයට නොගැලපෙන අයුරින් හැසිරීම.

    3. ඔහුගේ බිරිඳ ගුරු වෘත්තියේ නියැලෙන කිරුළපන මහාමාත්‍ය විදුහලේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවට, වැසිකිලි සුද්ද කිරීමට සහ වෙනත් පිරිසුදු කිරීමේ ක්‍රියා සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා පොලිස් සාමාජිකයන් යෙදවීම.

    4. වාහන හයක් සහ මසකට මිලියන ගණනක තෙල් අවභාවිතා කිරීම.

    යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර්  625 ක් ලබා ගනී.
    යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
    යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
    යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.  
    යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
    යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

    5. ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව යටතේ රාජකාරි කළ මේජර් තාරක  ගණේෂ් ලේකම් නිවසේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන දින දහයක් සිරකුටියක රඳවා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම.

    6. ඔහුගේ භාර්යාව වන මහාමාත්‍ය විද්‍යාලය ගුරුවරියක් ලෙස කටයුතු කරන  ප්‍රියන්තිකා ද සොයිසා නැමැත්තිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ යැයි කියා ශ්‍රී ලංකාවේ යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් වරයෙක්  අසත්‍ය චෝදනා නගා අනීතිකව අත්අඩංගුවට ගැනීම.

    7.  ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ රූමත් සෙබලියන් තම පෞද්ගලික කාර්ය සහායිකා ලෙස තබාගනිමින් වාචික සහ ශාරීරික ලිංගික හිංසනයන් සිදු කිරීම.

    8. යුද හමුදාව තුළ  හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරදිකරුවන් නිවැරදි ලෙස පෙන්වාදෙමින් හමුදා  සාමාජිකයන් දේශපාලන සහ පෞද්ගලික පළිගැනීම්වලට ලක් කර  සමස්ත රණවිරු ඡන්ද ලක්ෂ 40 ක ප්‍රමාණයක් ඉදිරි මැතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව භාවිතා  කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු වීම.

    9. තමාගේ දූෂණ සහ එතුලින් හමුදාවට විය හැකි හානිය විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට මාධ්‍ය සාකච්ඡා පවත්වා හෙළි කළ එක්සත්  රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි නමැත්තාගේ අතිශය පෞද්ගලික තොරතුරු යුධ හමුදා ලිපිගොනු තුළින් නීතිවිරෝධීව ලබාගෙන යුධ හමුදා මූලස්ථානයේ සේවය කරන මොහුගේ  සට්ටැඹියෙක් වන  මේජර් චරිත සූරියබණ්ඩාර නැමැත්තා හරහා සමාජ මාධ්‍යට මුදා හැරීම (මේ සබැඳිව අගතියට පත් පාර්ශවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හමුදාපතිට පැමිණිලි කර ඇති අතර කොළඹ අලුත්කඩේ උසාවි අංක එකේ නඩුවක්ද ගොනු කර ඇත)

    10.  ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ලෙස කටයුතු කරන සමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මානසික පීඩන එල්ල කරමින් පලිගැනීම් වල නිරතවීම සබැඳිව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හමුදාපතිවරයාට එවන ලද ලිපි තම කැඩෙට් නිලධාරී පාඨමාලා සගයා වන යුද ලේකම් මාර්ගයෙන් අස්ථානගත කිරීම.

    11. යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති ධූරය අවභාවිතා කරමින් යුධ හමුදා මූල්‍ය පනත රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් වර්ණ  යැයි පවසමින් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ඇති ඒකකයන් හතෙහි සෙබළුන් හිඟමනේ යවා  ලක්ෂ 35 ක මුදලක් එකතු කර එම මුදල් වලින් ලක්ෂ 25 ක මත්පැන්  සාදයක් සහ ලක්ෂ 5 ක තේ පැන් සංග්‍රහයක් පවත්වා මුදල් එකතු කර සෙබලුන් හට ප්ලේන්ටියක් පමණක් ලබාදීම.

    12. පොල්හේන්ගොඩ මිලිටරි කඳවුර වධකාගාරයක් ලෙස පවත්වාගෙන යමින් යුද හමුදා සෙබළුන්ගේ හා නිලධාරීන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම (මෙය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ද නිරික්ෂණයට සහ අවධානයට ලක් වී තිබේ)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version