ඊයේ (20) රාත්‍රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වේ .
වෙඩි තැබීම සම්බන්ධයෙන් 119 ට ලද තොරතුරකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
එහිදී සිද්ධියෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරුවන් වයස අවුරුදු 42 ක් හා 43ක් වන තල්දූව ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .