ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 78 වැනි සැසිය ඇමතීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පසුගිය 18 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක්හි දී ආරම්භ වු අතර, එය අදින් අවසන් වීමට නියමිතව තිබේ.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරිම සදහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලිය සහයෝගීතාව යළි ඇති කිරිම“ මෙවර සමුළුවේ තේමාවයි.