අරගලය සමයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි මස 09 වනදා ගිනිබත්වූ බස්රථවලට ද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
“පෞද්ගලික බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දූවිලි වුණා. තවත් බස් 50ක් විතර අර්ධ වශයෙන් විනාශ වුණා. රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. මැති ඇමතිවරුන්ට වන්දි ලබාගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා කොටසකට හරි. නමුත් අපේ බස් රථ හිමිකරුවන් කොටසකටවත් මේක ලැබුණේ නැහැ. බස් රථයකට මිලියන 10ක් ගානේ බස් රථ 50කට වෙන්නේ මිලියන 500යි. ලොකු ගාණක් නෙමෙයි.”














































