අත් පා ගැට ගසා 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී එම පුද්ගල මළසිරුර සොයාගෙන තිබුණේ ඉකුත් 18 වනදා ය.
අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
රත්ගම පැනිවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.
මින් එක් පුද්ගලයෙකු මියගිය පුද්ගලයාට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයාය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාම දුරකථන දත්ත මකාදමා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවද වාර්තා වෙයි.
සැකකරුවන් රත්ගම පොලීසියට භාරදී ඇති අතර රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































