ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ , අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිතව තිබේ .
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවයි.
එමෙන්ම නිපා වෛරසය පැතිරීම ඉතා අඩුවේගයක් පෙන්නුම් කරන බවත් , එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කර තිබේ .















































