පෞද්ගලික බස් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ , ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව වාර්තා වේ .
සිසුවිය තමන්ට සිදු වූ මෙම හිරිහැරය සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම් දීමෙන් අනතුරුව කොන්දොස්තරවරයා සිසුවියගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ඉල්ලගෙන මේ බව ඔහුට දැනුම් දී තිබේ.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ සීතාවකපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි.
සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .














































