ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරග දෙක අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අවසන් පූර්ව වටයේ පළමු තරගය මේ වන විට බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙමින් තිබේ.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත බව සදහන්.
එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගය පැවැත්වෙන්නේ Hangzhou හීදිය.













































